දේශපාලන පත්වීම් ලැබූ 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ගෙන්වයි. - ඒ අය මෙන්න.
ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස සේවය කරන දේශපාලන පත්වීම් ලැබූ 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමට රජය තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඒ,අනුව බ්‍රිතාන්‍යය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, ඉරානය, පාකිස්තානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, සීෂෙල්ස්, මැලේසියාව, කෙන්යාව, මාලදිවයින, ඉන්දුනීසියාව සහ කියුබාව යන රටවල සේවය කරන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් මෙන්ම නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමට තීරණය කර ඇත.
විදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ ඉහත රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්ට එළැඹෙන දෙසැම්බර් මාසය වන සිට සිය රාජකාරී කටයුතු අවසන් කරන ලෙස දැනුම්දී ඇති බවයි.
එමෙන්ම අවශ්‍යතා මත පුරප්පාඩු වන ධුර සඳහා විදේශ සේවයෙන් සහ අනෙකුත් වෘත්තීයන්ගෙන් බඳවා ගැනීම් සිදු කිරීමටද බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරනවා.
ඉදිරියේදී තානාපතිවරුන්ට සහ මහා කොමසාරිස්වරුන්ට විශේෂ කාර්යයන් පැවරෙනු ඇති බවත් ඒ අතරට නව රැකියා අවස්ථා සොයා බැලීම, ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජනයන් ගෙන්වා ගැනීම සහ ශ්‍රී ලංකාව සඳහා නව වෙළඳපොළ හඳුනාගැනීම් සිදු කිරීම ඒ අතර වන බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ දිගටම එම ධුරයේ කටයුතු කරන ලෙස දන්වා ඇති අතර සේවයේ නියුතු කොන්සියුලර් ජෙනරාල්වරුන් ඇතුළුව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 16 දෙනකුගේ පත්වීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටද ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කර තිබෙනවා.