ඉන්දුනීසියාවේ සමාජ මාධ්‍ය තහනමක්

Report

ඉන්දුනීසියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සදහා සමාජ මාධ්‍ය වෙත පිවිසීම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇත.

එරට සන්නිවේදන හා ඩිජිටල් සබඳතා අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ මාර්තු මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි.

'' වරදිනකොට වැඩිපුරම ඉන්නේ තාත්තා අම්මලා විතරයි'' රංගනශිල්පී විරාජ්ගෙන් සංවේදී කතාවක් එළියට

'' වරදිනකොට වැඩිපුරම ඉන්නේ තාත්තා අම්මලා විතරයි'' රංගනශිල්පී විරාජ්ගෙන් සංවේදී කතාවක් එළියට

ඒ අනුව වයස අවුරුදු 16ට අඩු ළමුන්ට තවදුරටත් Facebook, YouTube, TikTok, Instagram, Threads සහ X වැනි සමාජ මාධ්‍යයන්හි ගිණුම් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව එම අමාත්‍යංශය නිවේදනය කර ඇත.

 සමාජ මාධ්‍ය භාවිතයට ළමුන් දැඩි ලෙස ඇබ්බැහි වීම හා විවිධ වංචා සහගත ක්‍රියාවන්ට ඔවුන් හසුවීම ආදී බොහෝ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව ඉන්දුනීසියානු සන්නිවේදන හා ඩිජිටල් සබඳතා අමාත්‍යංශය නිවේදනය කර තිබේ . 

ඉන්දියාවේ සමාජ මාධ්‍ය තහනමක්

ඉන්දියාවේ සමාජ මාධ්‍ය තහනමක්