හම්බන්තොට මහාධිකරණයෙන් වසර 14ක සිර දඬුවමක්.
Hambantota
Sri Lanka
Sri Lanka Magistrate Court
Prison
By Hashini
තිස්සමහාරාමයේ උනාව ප්‍රදේශයේදී වසර 17කට පෙර බිරිඳගේ බාලවයස්කාර නැගණිය දුෂණය කළ පුද්ගලයෙකුට බරපතල වැඩ සහිත සිර දඬුවම් පෙරේදා (18) ලැබී තිබෙනවා.
තිස්සමහාරාම, ගෝනගමුව ප්‍රදේශයේ වයස අවුරුදු 59ක පුද්ගලයෙක් හටයි මෙම දඬුවම ලැබී තිබෙන්නේ.
මොහු 2006 වසරේ දී නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවක මෙම බාලවයස්කාර දැරිය බලහත්කාරයෙන් අපහරණයට ලක් කර ඇති බව නඩු විභාගයේදී අනාවරණය වී තිබෙනවා.
හම්බන්තොට මහාධිකරණය නියෝග කර ඇත්තේ, අදාළ සැකකරුට වසර 14ක බරපතල වැඩසහිත සිර දඬුවමක්,රුපියල් 10,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ එකහමාරක වන්දියක් ගෙවන ලෙසයි .
