තායිවානයේ ඛේදවාචකය 14කට දිවි අහිමි වෙයි - 124ක් අතුරුදන්

Report

තායිවානයට බලපෑ "Super Typhoon Ragasa" සුළි කුණාටුවෙන් නැගෙනහිර හුවාලියන් ප්‍රාන්තයේ සංචාරක කලාපයක පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවත් පුද්ගලයන් 124 දෙනෙකු අතුරුදහන් වී ඇති බවද ඒ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය සඳුදා (22) සිට තායිවානයට බලපෑ මෙම සුළි කුණාටුව මේ වන විට චීනයේ දකුණු වෙරළ තීරයට සහ ආසියානු මූල්‍ය කේන්ද්‍රස්ථානය වන හොංකොං වෙත බලපාමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මීට පෙර ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවල ඇති වූ නායයෑම් නිසා ගුවාන්ෆු නගරයට දැඩි ජල ගැලීම් තත්ත්වයක් හටගෙන ඇති බවත් වාර්තා වේ.

එම ජල කඳ "සුනාමියක්" මෙන් පැමිණි බව ගුවාන්ෆු නගරයේ තැපැල් සේවකයෙකු සඳහන් කර ඇත. 

හල්දුම්මුල්ලට භූ කම්පනයක්

හල්දුම්මුල්ලට භූ කම්පනයක්

තිස්සකුට්ටිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශට සාගරගෙන් දැඩි අවවාද

තිස්සකුට්ටිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශට සාගරගෙන් දැඩි අවවාද

මිල මුදල් උතුරන වස්තු සැප සම්පත් ලැබෙන මේ ලග්නවලට අද නොහිතන වාසි ගොඩක්

මිල මුදල් උතුරන වස්තු සැප සම්පත් ලැබෙන මේ ලග්නවලට අද නොහිතන වාසි ගොඩක්