නව වසරේ නව ඖෂධ 10ක් වෙළෙඳපොළට
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2026 වසරේ නව ඖෂධ වර්ග 10ක් වෙළෙඳපොළට හඳුන්වා දීමට සහ පෙති හා කරල් මිලියන 4000ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව සංස්ථාවේ සභාපති ජයන්ත විජයබණ්ඩාර මහතා නිවේදනය කළේය.
දැනට ඖෂධ වර්ග 70ක් නිෂ්පාදනය කෙරෙන අතර, පසුගිය 2025 වසරේ ඉතිහාසයේ වැඩිම නිෂ්පාදනය වාර්තා කරමින් පෙති හා කරල් මිලියන 3625ක් නිපදවීය. එම වසරේ නව ඖෂධ 5ක්ද වෙළෙඳපොළට එක් කෙරිණි. 2025 ආදායම රුපියල් බිලියන 27.06ක් විය.
රත්මලාන පරිශ්‍රය අසල මහල් දෙකක ඖෂධ ගබඩා සංකීර්ණය මාර්තු මාසයේදී විවෘත කෙරේ. හොරණ මිල්ලෑව ප්‍රදේශයේද ඖෂධ ගබඩා සහ නිෂ්පාදන-ඇසුරුම් සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මෙම පියවරෙන් දේශීය ඖෂධ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ රජයේ සෞඛ්‍ය සේවාවට අඛණ්ඩ සැපයුමක් සැලසීමට අපේක්ෂා කෙරේ.