සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ රැකියා පුරප්පාඩු - 10 ,000ක් පොලිසියට බඳවා ගන්නවා

Report

ඉදිරි මාස කිහිපයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත වන භටයින් දස දහසක් පොලිසියට බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා 18 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ, දැනට කැබිනට් අනුමැතිය ලැබී ඇති පොලිස් නිලධාරීන්ගේ නව වැටුප් ව්‍යුහය සකස් කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ලැබුණු පසු, එහි නිර්දේශ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බවයි.

කිසිම රණවිරුවෙක්ට ගෙවන විශ්‍රාම වැටුපක් දීමනාවක් අත්හිටුවන්නේ නෑ විශ්‍රාම යන්න ඉන්න අයටත් වැඩපිළිවෙළක් - අරුණ

කිසිම රණවිරුවෙක්ට ගෙවන විශ්‍රාම වැටුපක් දීමනාවක් අත්හිටුවන්නේ නෑ විශ්‍රාම යන්න ඉන්න අයටත් වැඩපිළිවෙළක් - අරුණ

ඔහු වැඩිදුරටත් මෙසේද සදහන් කළාය:

"පොලිස් නිලධාරීන් 26000ක හිඟයක් ඇතිවෙලා තියනවා. ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක වෙලා තියනවා. පොලිස් නිලධාරීන් පන් දහසක් බඳවා ගන්න මේ වනවිට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා. මේ වෙනකොට පොලිස් කොස්තාපල්වරුන්ගේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ වගේම කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීමේ ගැසට් පත්‍රය සකස් කර තිබෙනවා.

පොලිසියට සුබ පණිවුඩයක්

පොලිසියට සුබ පණිවුඩයක්

මේ අනුව මේ වසර තුළ හැකි ප්‍රමාණයක් බඳවා ගන්න මේ වනවිට පොලිස් කොලේජ් එකේ 800ක් දක්වා මේ අවුරුද්ද තුළ පුහුණුවීම් කරලා තියනවා. පොලිස් කොලේජ් 10න් 09ක් සූදානම් කරලා තියනවා ඒ වෙනුවෙන්. 5000ක් 2026 වෙනුවෙන් බඳවා ගන්න අග්‍රාමාත්‍ය තුමිය යටතේ තිබෙන කමිටුවෙන් අනුමැතිය ලැබිලා තියනවා. තව 5000ක් බඳවා ගන්න ජනවාරි ආයෙම ගැසට් කරනවා.

ඒ විතරක් නෙමෙයි… සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබිලා මහජන ආරක්ෂ අමාත්‍යාංශය යටතට පත් කරලා තිබෙන්නේ. ඉන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දස දහසක් පොලිසියට බඳවා ගන්නට අපි ඉදිරි මාසයක කාලය ඇතුළත.."

පොලිස් නිලධාරීන්ට රු. 7,000 දීමනාවක්

පොලිස් නිලධාරීන්ට රු. 7,000 දීමනාවක්

පොලිස් නිලධාරීන් වෙනුවෙන් වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට අමාත්‍යා මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවත්, ඒ වෙනුවෙන් කමිටුවක් මේ වනවිට පත් කර ඇති බවත් කී මහජන ආරක්ෂක ඇමතිවරයා ඒ සඳහා පත් කර ඇති කමිටුවේ නිර්දේශ මත පදනම්ව පොලිස් නිලධාරීන් සඳහා වූ වැටුප් ව්‍යුහය 2026 වසරේ දී ක්‍රියාත්මක කරන බව කීවේය.  

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය