ලංකාවේ ලක්ෂ 44ක දූ පුතුන්ට චීනයෙන් දැවැන්ත තෑග්ගක්
2026 වසරට අදාළව රජයේ හා රජයේ අනුමත පාසල්වල සිසුන්, පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සීල මාතාවන් ඇතුළු ගිහි සිසුන් සඳහා අවශ්‍ය සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබාදීම නිල වශයෙන් අවසන් කර ඇති බව දැනුම් දී ඇත.
මෙම වැඩසටහන අද (22) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබාදුන් රෙදි මීටර් මිලියන 11.484ක් සම්පූර්ණයෙන්ම ලබාදීම අවසන් කර ඇති බවට නිල සහතික පත්‍ර හුවමාරුව සිදු විය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ අග්‍රාමාත්‍යවරිය අතර මෙම හුවමාරුව සිදු වී ඇත.
මෙම වැඩසටහන හරහා 2026 වසරේ පාසල් නිල ඇඳුම් ප්‍රතිලාභය සිසුන් මිලියන 4.4කට අධික සංඛ්‍යාවකට හිමිවනු ඇත.