"මේක ටොම් පච දේශපාලනයක්" - විපක්ෂ නායක සජිත්ගෙන් රජයට දැඩි ප්‍රහාරයක්

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, වර්තමාන රජය ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කර නොමැති බවත්, ජනතාව රැවටූ “ටොම් පච දේශපාලනයක්” ක්‍රියාත්මක වන බවත් චෝදනා කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තිස්සමහාරාමය උඩුවිල ගංගාරාම රජමහා විහාරය සහ පච්චමහාරාම පුරාණ රජමහා විහාරය වෙත ගොස් ගරුතර මහා සංඝරත්න බැහැදැකීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

රජය විසින් ඉදිරිපත් කළ විවිධ සහන සහ වන්දි පොරොන්දු කිසිවක් ක්‍රියාත්මක නොවූ බවත්, විදුලි ගාස්තු අඩු කරන බව පැවසුවද ඒවා වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේය. ඉන්ධන මිල සහ බදු ප්‍රතිපත්තිද ජනතාවට බරක් වී ඇති බවත් ඔහු චෝදනා කළේය.

ඒක කරලාම මැරියං! ආයේ බලය ගැන හිතන්න එපා - උවිඳුගෙන් ජනපතිට දැඩි අභියෝගයක්

ඒක කරලාම මැරියං! ආයේ බලය ගැන හිතන්න එපා - උවිඳුගෙන් ජනපතිට දැඩි අභියෝගයක්

එමෙන්ම රජය ජනතාවගේ කරපිට බදු බර පටවමින් සිටින බවත්, පොරොන්දු කඩ කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන්ද ඔහු කතා කරමින්, මාධ්‍ය මර්දනය කිරීමට කිසිදු උත්සාහයකට විරුද්ධ වන බවත්, නිදහස් මාධ්‍ය රටක අත්‍යවශ්‍ය බවත් සඳහන් කළේය.

ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන්ද අදහස් දක්වමින්, පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවත්, ජනතා විරෝධය එවිට පැහැදිලිව දැකගත හැකි බවත් ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරමින්, එය පිළිබඳ පරීක්ෂණ දේශපාලන බලපෑම්වලින් තොරව, විනිවිදභාවයෙන් යුතුව සිදු කළ යුතු බවත්, අවශ්‍ය නම් ජාත්‍යන්තර සහායද ලබාගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ශම්මි සිල්වාට ඉල්ලා අස්වෙන්නැයි ජනපති අනුර දැනුම් දෙයි - ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්වීමේ සූදානමක්

ශම්මි සිල්වාට ඉල්ලා අස්වෙන්නැයි ජනපති අනුර දැනුම් දෙයි - ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්වීමේ සූදානමක්

එයාර් බස් ගනුදෙනුව උඩුයටිකුරු වෙයි - කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

එයාර් බස් ගනුදෙනුව උඩුයටිකුරු වෙයි - කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු