ඩයලයිසිස් ද්‍රාවණ බෑග් ලක්ෂ 8ක් ගෙන්වන්න කැබිනට් අනුමැතිය
දිගුකාලීන වකුගඩු අක්‍රියතාවයෙන් පෙළෙන රෝගීන්ගේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා භාවිත කරන පෙරිටෝනියල් ඩයලයිසිස් ද්‍රාවණ බෑග් 800,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනයකට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මෙම ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලැබී තිබූ ලංසු 02 අතරින්, අවම වියදම් සහිත සහ සාරානුකූලව ප්‍රතිචාරාත්මක ලංසුකරු ලෙස Infuxion Lanka (Private) Limited තෝරාගෙන තිබේ.
මෙම සැපයුම මැලේසියාහි Peritone Health SDN BHD නිෂ්පාදන ලෙසින් ලැබෙන අතර, ඒකකයක් රුපියල් 1,112/-ක් ලෙසත්, මුළු ගනුදෙනු වටිනාකම රුපියල් මිලියන 889.6ක් ලෙසත් සඳහන් වේ.
සැපයුමට 1.5% ඩෙක්ස්ට්‍රෝස් සහ කැල්සියම් ඝනත්වය 1.25 mmol/L අඩංගු, ලීටර 2 පෙරිටෝනියල් ඩයලයිසිස් ද්‍රාවණ බෑග් සහ අදාළ උපකරණද ඇතුළත් වේ.
මෙම ප්‍රසම්පාදනය සම්බන්ධ යෝජනාව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර, එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.