එයාර් බස් ගනුදෙනුව උඩුයටිකුරු වෙයි - කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශන ප්‍රතිපාදන යටතේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායකට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (22) වරෙන්තුවක් නිකුත් කර තිබේ.
මෙම නඩුවේ තවත් සැකකරුවෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් රතු නිවේදනයක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූයේ කුමක් නිසාද යන්න පිළිබඳව අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර ඇත. ඒ සමගම, සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ශම්මි සිල්වාට ඉල්ලා අස්වෙන්නැයි ජනපති අනුර දැනුම් දෙයි - ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්වීමේ සූදානමක්
මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදුකරන වෙනම පරීක්ෂණයක්ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින අතර, හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
නඩුව මැයි 20 වනදා නැවත කැඳවීමට නියමිත අතර, එදිනට සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටී නම් ඔහු අනිවාර්යයෙන්ම විවෘත අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත.