ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නව නායකත්වයක්

Report

ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස ඉරාජ් චමින්ද පතිරාජ මහතා ස්ථිර පදනමින් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඔහු, 2025 මැයි 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තනතුරේ පූර්ණ කාලීනව වැඩබැලීම සඳහා ද පත් කර තිබුණි.

ඒ අනුව, ඔහු ස්ථිර ලෙස ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට පත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය උණුසුම් වෙයි – නෞකාවකට නැවත වෙඩි ප්‍රහාරයක්

හෝර්මුස් සමුද්‍ර සන්ධිය උණුසුම් වෙයි – නෞකාවකට නැවත වෙඩි ප්‍රහාරයක්

LPL 2026 කාලසටහන වෙනසක්

LPL 2026 කාලසටහන වෙනසක්