හෝර්මුස් සමුද්‍ර සන්ධිය උණුසුම් වෙයි – නෞකාවකට නැවත වෙඩි ප්‍රහාරයක්
එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් වලට අනුව, හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී තවත් නෞකාවක් වෙත වෙඩි තැබීමක් සිදුවී ඇති බව වාර්තා වේ.
එම ආයතනය සඳහන් කළේ, ඉරානයෙන් බටහිරට නාවික සැතපුම් 8ක් දුරින් ගමන් කරමින් සිටි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වෙත වෙඩි තබා ඇති අතර, එය මේ වනවිට ජලයේ නතර කර ඇති බවයි.
කෙසේ වෙතත්, නෞකාවට කිසිදු බරපතළ හානියක් සිදුවී නොමැති අතර, කාර්ය මණ්ඩලය ආරක්ෂිතව පවතින බවද සඳහන් වේ.
එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් තවදුරටත් පෙන්වා දී ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය ප්‍රදේශයේ උසස් මට්ටමේ ආරක්ෂක අවදානමක් පවතින බැවින්, සැක සහිත ක්‍රියාකාරකම් පිළිබඳව වහාම වාර්තා කරන ලෙස නාවික යාත්‍රා වෙත දැනුම් දී ඇති බවයි.
මෙම සිද්ධිය, ඕමානයට ඊසාන දෙසින් නාවික සැතපුම් 15ක් පමණ දුරින් ගමන් කරමින් සිටි බහාලුම් නෞකාවකට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සම්බන්ධ “තුවක්කු බෝට්ටුවක්” විසින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු වාර්තා වී ඇත.
ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපද සමඟ ඇති උණුසුම් තත්ත්වයත් සමඟ, ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනය දැඩි ලෙස සීමා කර ඇති අතර, එක්සත් ජනපද හමුදාවද ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ. මේ අතර, දෙරට අතර පැවති සටන් විරාමය දීර්ඝ කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් බදාදා දින නිවේදනය කර තිබේ.