කාන්තාවන් 04ක් රෝහලට යැවූ බඹර ප්‍රහාරය - එක් කාන්තාවක් මිය යයි.
Sri Lanka
Hospitals in Sri Lanka
By krishani
ලිදුල - බඹරකැලේ ප්‍රදේශයේ තේ දලු නෙළමින් සිටි කාන්තාවන් හතරදෙනෙකුට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් පසුව ඔවුන් බඹරකැලේ වතු රෝහලට ඇතුලත් කර ඇත.
ඉන් එක් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය සදහන් කළේ ය.
මියගිය කාන්තාවගේ වයස අවුරුදු 80ක් වන අතර ඇය ලිදුල ප්‍රදේශයේ පදිංච්කාරියක් වේ.
කෙසේ වෙතත්, ඇයගේ මෘත ශරීරය නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති අතර බඹර ප්‍රහාරයට ලක් වූ අනෙක් කාන්තාවන් තිදෙනා ප්‍රතිකාර ලැබීමෙන් පසු රෝහලෙන් පිටවී ගොස් ඇත.
