යුපුන් අබේකෝන් ඔලිම්පික් සිහිනයට තවත් ළං වෙයි
italy
yupun abeykoon
Jarmon
Olympic
torkio
By Sewvandhi
යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගීවෙමින් මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 දක්ෂතාවක් දැක්වීමට සමත්වුණා.
සුළඟේ වේගය +2.2 ලෙස සටහන් වීම හේතුවෙන් මෙය ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සැලකෙන්නේ නැහැ.මෙය ඕනෑම තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දැක්වූ වේගවත්ම කාලය ද වනවා.
යුපුන්ගේ ඉලක්කය තත්පර 10.05 ක් වූ ඔලිම්පික් පරිසාධන මට්ටම පසුකරමින් ටෝකියෝ නුවර මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමයි.
යුපුන් මීට පෙර ඉතාලියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10.15 කින් නිම කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
