මෙවර ඔලිම්පික් උළෙලේ ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙස සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකිකයා.

Paris 2024 Summer Olympics Sports
By Gagana Apr 19, 2024 04:20 AM GMT
Gagana

Gagana

Report

ඊයේ (18) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේ දී දැනුම් දෙන ලද්දේ, පැරිස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය සඳහා 20 හැවිරිදි බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සුදුසුකම් ලබා ඇති බව ය.

මෙහි සිවිශේෂ ම සිදුවීම නම්, ඔහු ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වීම ය.

ඒ අනුව විරේන් මෙවර ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් ඉසව්ව සඳහා පිරිමි ඒකල අංශයෙන් තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය කාලවකවානුව පුරා අඛණ්ඩ ව දෙස් විදෙස් බැඩ්මින්ටන් තරගාවලි 11ක් සඳහා සහභාගී වෙමින් ප්‍රසාද ලකුණු 24,030ක් ලබාගත් විරේන් ඔලිම්පික් සඳහා සෘජු සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

විරේන් මේ වන විට ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගතකිරීම්හි 72 වන ස්ථානයේ රැඳී සිටින අතර, පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ බැඩ්මින්ටන් ක්‍රීඩකයින් අතර 32 වන ස්ථානයේ පසු වීම සුවිශේෂ වේ.