ජපුර සරසවිය අසලින් හමු වූ මත්ද්‍රව්‍ය තොගය. - (VIDEO)
ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අසල සිදුකළ වැටලීමක දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබෙනවා.
එලෙස සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 13ක්, හෑෂ් කිලෝග්‍රෑම් 6ක්, කොකේන් ග්‍රෑම් 500ක් සහ රුපියල් මිලියන 1.5ක මුදල් ද වන බව වාර්තා වන්නේ.
එමෙන්ම විදෙස්ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබනඩුබායි කපිල ගේ පෙම්වතියක් බවට හඳුනාගෙන ඇති කාන්තාවක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, අනුව එම කාන්තාව මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.
...........................................................