A-9 ප්‍රධාන මාර්ගයේ සිදු වූ අනතුරකින් අයෙක් මරුට. 5කට බරපතලයි.
By Gagana
යාපනය මහනුවර A-9 ප්‍රධාන මාර්ගයේ චාවකච්ඡේරිය නූනාවිල් ප්‍රදේශයේදී අත් ටැක්ටරයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එක් අයකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් පස් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
වෑන් රථයේ රියදුරට නින්ද යාමෙන් ඉදිරියෙන් පැමිණි ටැක්ටර් රථයේ ගැටී මෙම අනතුර සිදුවූ බවට පොලිසිය සැක කරන අතර මෙලෙස මෙම අනතුරින් මියගොස් ඇත්තේ අත් ට්‍රැක්ටරයේ ගමන් ගත් යාපනය කොණ්ඩා විල් ප්‍රදේශයේ පදිංචි එම්. සත්තීෂ් කුමාර නැමැති අයෙකි.
එමෙන්ම ටැක්ටරේ ගමන් ගත් තවත් තිදෙනෙකු හා වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
........................................................