මේ වාහන ගැන හදිසි දැනුම් දීමක්
ඇමෙරිකාවේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයින් කිහිපදෙනකු මඟින් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය මෝටර් රථ සහ ට්‍රක් රථ මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් ආපසු කැඳවීමට හදිසි දැනුම් දීමක් කර ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අඳාළ පියවර රියදුරන්ට අනතුරක් විය හැකි විවිධ ආරක්ෂක ගැටලු හේතුවෙන් ගෙන ඇති බවයි.
එසේම මෙම ආපසු කැඳවීමට වසර දශකයකට ආසන්න කාලයක් පැරණි, එනම් 2015 දක්වා දිවෙන වාහන ද ඇතුළත් බව සඳහන්.
කෙසේ වෙතත් මෙම ගැටලුවලින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ෆෝර්ඩ් වෙතයි.
ඒ ෆෝඩ් සහ ලින්කන් වාහන මිලියන 1.4 ක පසුපස කැමරාවල ගැටලුවක් පිළිබඳව අනතුරු අඟවා ඇත.
ඒ මෙම ගැටලුව හේතුවෙන් රියදුරන්ට පසුපසට ධාවනය කිරීමේදී අපහසු විය හැකි අතර, වාහනය ආපස්සට ගැනීමේදී අනතුරකට පත්වීමේ අවදානමක් පැවතීම හේතුවෙන්.
එමෙන්ම ක්‍රයිස්ලර්හි රම් ප්‍රෝමාස්ටර්ස් වාහන ද 292,000 ක් ද ආපසු කැඳවා ඇත.
ඒ දිරාපත් වූ කොටස් හේතුවෙන් එන්ජින් පංකාවක් අධික වශයෙන් රත් වීමට ඉඩ ඇති අතර, එමගින් ගින්නක් ඇතිවීමේ හැකියාව වැඩිවීමයි. එසේම ටෙස්ලා සයිබර්ට්‍රක්ස් 64,000 කට ආසන්න ප්‍රමාණයක් ද යළි කැඳවා ඇත.
ඒ අනුව මෙයට හේතුව වී ඇත්තේ ඉදිරිපස හෙඩ් ලයිට්වල ඇති ගැටලුවක් වේ.
එම ලයිට් අධික ලෙස දීප්තිමත් වීම හේතුවෙන් රාත්‍රියේදී ඉදිරියෙන් එන රියදුරන්ගේ ඇස් නිලංකාර වීමට ඉඩ ඇති බව සඳහන්.
තවද ජීප් , කැඩිලැක් සහ ෂෙව්රොලට් ඇතුළු අනෙකුත් වාහන දහස් ගණනක් ද ඉකුත් සතියේ මෙම වාහන කර්මාන්ත නිවේදන ගලා ඒම තුළ යළි කැඳවා ඇත.
මේ අතර මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය මඟින් වාර්තා කරන ලද පොදු ගැටලුවලට විවිධ දෝෂ ඇතුළත් වන අතර ඒවා අතර, වාහනවලට බලය අහිමි වීමට හේතු වන මෘදුකාංග දෝෂ, ඇතැම් මෝටර් රථ පැත්තට හැරවීමට සහ අනතුරුවලට ලක්වීමට හේතු විය හැකි ටයර්වල රබර් ආශ්‍රිත ගැටලු ද අයත් වන බව සඳහන්.