ඊසි කෑෂ් ක්‍රමේට අයිස් බෙදපු තරුණ යුවල මාට්ටු
යතුරුපැදියක් හා ලොරියක් ආධාර කරගෙන ඊසි කෑෂ් ක්‍රමයට අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටි පාදුක්ක ගොඩගම පදිංචි තරුණු යුවලක් පසුගියදා අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක, ගොඩගම පදිංචි 23 හැවිරිදි කතක් හා ඇගේ සැමියා බව කියන 25 හැවිරිදි අයෙක් බව පොලීසිය පවසයි.
විදෙස් රටක සිට මෙහෙයවන පාතාල නායකයකුට අයත් මේ මත්ද්‍රව්‍ය ලබා ගැනීමට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ගෙවූ පසු මේ යුවළ විසින් මත්ද්‍රව්‍ය ඉංගිරිය, බුලත්සිංහල, බෝතලේගම ආදී ප්‍රදේශ- වලට යතුරුපැදියක් හා ලොරියක් උපයෝගී කරගෙන බෙදා හරින අතර මෙය කිසිම පුද්ගලය- කුගේ අතට පත් නොකරන අතර ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ගෙවූ පසු අදාළ මත්ද්‍රව්‍ය විදුලි කණුවක්, පාලමක් හෝ සුසාන භූමිය වැනි ස්ථානයක් තෝරාගෙන ඒ ආසන්නයේ තබා අදාළ ස්ථානය මාර්ගගත ක්‍රමයට ගැනුම්කරුවන්ට දැනුම්දෙන දෙන බව පොලීසිය පවසයි.
මේ ජාවාරම ගැන බුලත්සිංහල පොලීසියට ලද කීපයක් රැකවලේ සිට මේ වැටලීම සිදුකර තිබේ. තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් දින බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කස්තුරිආරච්චි මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් මේ වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර යුවළ රැඳ- වුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරන බව පොලීසිය කියයි.