මේ කපේට නාමල්ට ජනාධිපති වෙන්න බෑ ඒ තියා පුළුවන් නම් 2029 දි පාර්ලිමේන්තුවට ඇවිත් පෙන්නනකෝ - රුවන්
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් සෙනරත් මහතා විසින් නාමල් රාජපක්ෂට කල්ප කාලෙකට මේ රටේ ජනාධිපති වීමට ඉඩ නොලැබෙන බව ප්‍රකාශ කර ඇත.
එසේම ජනාධිපති වීම කෙසේ වෙතත් 2029 මහජන ඡන්දයෙන් පාර්ලිිමේන්තුවට පැමිණ පෙන්වන ලෙස තමන් අභියෝග කරන බව ද ඔහු අවධාරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීමෙන් පුරවැසියෙකු වසරකට රු. 4ක් ලැබෙන කතාව බොරුවක් බව පර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
එමෙන්ම ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ඉදිරියේ දී දැකගත හැකි වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.
රුවන් සෙනරත් මහතා මෙම අදහස් දක්වා ඇත්තේ මාධ්‍ය නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු වශයෙන්.
කෙසේ වෙතත් වත්මන් දේශපාලන කතා තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 2029 වසරේදී බලයට පත් වීම සම්බන්ධයෙන් විවිධ අනුමාන පළ වේ.