මෙතන වැරදි කවුද? තීරණය කළ යුත්තේ ඔබමයි (VIDEO)
රට තුල පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දිවයින සැම පළාතකම එන්නත් කිරීමේ වැඩපිළිවෙල ඉතාමත් කඩිනමින් සිදු වෙමින් පවතිනවා. එන්න්නත් ලබාගැනීම සඳහා රටේ ජනතාව දිගු පෝලිම්වල සිටීම අපට දැක ගැනීමට හැකි වනවා.
මෙහිදී විශාල වශයෙන් වයෝවෘධ පිරිස් මෙන්ම රෝගී වූ පිරිස් එන්නත් ලබා ගැනීම සඳහා පැමිණීම අපට දකින්නට ලැබෙනවා. ඔබගේ ආදරණිය අම්මා හෝ තාත්තා රෝගියෙකු නම් ඔවුන්ට එන්නත් කිරීමේ වැඩපිළිවෙල නොතේරෙනවා නම් කරුණා කර තමන්ගේ දෙමාපියන්ව තනිවම එම ස්ථාන වෙත නොයවා ඔවුන්ගේ දරුවන් තම දේම පියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කල යුතුයි.
අප මෙම ලිපිය ලිවීමට හේතුව වුයේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ මොහොත වන විට වෛරල් වන වීඩියෝ දර්ශනයක් හේතු කොට ගෙනයි. මෙම වීඩියෝ දර්ශනය සමාජ මාධ්‍යට මුදා හැර තිබෙන්නේ තරුණියක්..
එහි සඳහන් අන්දමට කලුබෝවිල ශික්ෂණ රෝහලේ එන්නත් කිරීමේ කටයුතු සිදු කෙරෙන මධ්‍යස්ථානය අසල තිබෙන දිගු පෝලිම සම්බන්ධයෙන් සහ එහි සිටින රෝගාතුරු වූ පුද්ගලයන් සම්බන්ධයෙනුයි එම තරුණිය කතා කරන්නේ.
මෙයිදී වරද කර ඇත්තේ කවුරුන්ද ? රජය ද ? එන්න්නත් කරන සෞඛ්‍ය බලධාරීන් ද ? එසේ නැතිනම් තමන්ගේ රෝගී දෙමාපියන් ගැන කිසිඳු වගකීමක් නොමැති දරුවන් ද ? තීරණය කළ යුත්තේ ඔබයි .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now |