යෝෂිත රාජපක්ෂට ඇප හිමිවෙයි - කොළඹ මහෙස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක්
අද (17) කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස නියෝග කර ඇත.
මහෙස්ත්රාත්වරයා නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහරින ලෙසත් සහකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත්ය.
අල්ලස් කොමිසමේ නිලධාරිණියන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.