යෝෂිත හා හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට මහාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

Report

නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත .

මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

රටම කතාවුන මර්වින්ගේ ලක්ෂ 6000 නඩුවට නම කියැවුණු රිතු ආකර්ෂා ඇත්තම කතාව කියන්න කට අරියි

රටම කතාවුන මර්වින්ගේ ලක්ෂ 6000 නඩුවට නම කියැවුණු රිතු ආකර්ෂා ඇත්තම කතාව කියන්න කට අරියි

එම අවස්ථාවේදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.