බස්එකට නැග්ග තරුණියගේ සුදු කලිසමේ ලේ පැල්ලම පෙන්නපු තරුණයා..අවසානයේ සිදුවූ දේ බලන්න..හැම තරුණියක්ම දැනුවත් වන්න.(PHOTOS)
අපේ රටේ, බස්රථය තුළ , දුම්රිය තුළ ගමන් කරන විට වැඩිම හිංසනයට ලක්වන්නේ කාන්තාවන් බව නොරහසක් නොවේ. මෙවැනි හිංසනයන් සිදුවීමට පෙර කාන්තාවක් විදියට දැනුවත්ව සිටීම නුවනට හුරු කාරණයකි.
බස් රථයක ගමන් කරන තරුණියකට සිදුවූ අමුතුම සිදුවීමක් සම්බන්ධව පුවතක් මේවන විට සමාජ ජාල හරහා හුවමාරු වෙමින් පවතී. මේ එම සිදුවීමයි.
උපුටා ගැනීම:
සියලුම දෙනාගේම දැනුවත් වීම සඳහා.
මම පානදුරේ ඉන්නේ. අවුරුදු 26ක girl කෙනෙක්. 2023.09.26 දින මම.
තනියම නුගේගොඩ යන්න පානදුරෙන් අලුත්ගම බස් එකේ නැග්ගා.
මන් නැග්ගම මගේ ළගින් පිරිමි ළමෙක් ඉඳගත්තා.
ඒ boy කියුවා මන් ගැන මොකුත් හිතන්නෙපා මෙහෙම කියුවට ඔයාගේ කලිසමේ මොනා හරි ගෑවිලා කියලා.
මන් කියුවා අහ්.. කියලා මන් බය උනා. එකපාරටම.
ඒත් මන් හරි thnk u මන් ඒක manage කරගන්නම් කියලා කියුවා.
ප්‍රශ්නම අහනවා කතා කරනවා ගෙවල් කොහෙද අහනවා. ඔයා බහින්න change කරගෙන එන්න.
කියලා 10 පාරකට වඩා කියුවා. ඉවරයක් නෑ ළඟට කතා කරන්න එනවා ගනන් ගත්තේ නැතුව හිටියත් කතා කරනවා.
කලිසම නිසා නැගිටලා යන්නත් බෑ. අසරණ වෙනවා. මං අම්මට කෝල් එකක් අරන් අම්මත් එක්ක කෝල් එකෙම ආවා.
මන් බහින්න ලන් උනා. මන් ඇදගෙන හිටියේ සුදු කලිසමක් ඇත්තටම office එකකට යන්න ඕනී නිසා ඒක ඇන්දේ.
මන් බැස්සා ඒ boy ත් බැස්සා. එන්නකෝ ඕක මොකක් හරි කරමු, එන්නකො යන්න කියලා කතා කරා.
පහළට යමු එන්න පොඩ්ඩක් කියලා කතා කරනවා.
මන් බෑ ඕනී නෑ ඕනී නෑ කියලා එතන shop එකක දොරට මන් ඇලිල හිටියේ.
මට දුවන්නත් බෑ කලිසම නිසා. මු. ස් ලිම් ඇන්ටි කෙනෙක් ඉදලා එයා කියුවා මෙයා girl කෙනෙක් oyaa boy කෙනෙක් මන් බලන්නම් ඔයා යන්න කියලා.
ඊට පස්සේ එයා ගියා. මන් ඒ ඇන්ටිගෙන් ඇහුවා මගේ කලිසම බලලා කියන්න කියලා.
ඒ ඇන්ටි කියුවා ඔහොම යන්න බෑ දරුවෝ කියලා. ඇඬුනත් එක්ක . ලැජ්ජයි.
Shop එකකට ගිහින් ලෙගින් එකක් අලුතෙන් අරන් මන් කලිසම ගලවලා බලනකොට මන් දැක්කේ ඒක වි දපු තින්ත පාරක්.
මන් නම් දෙවියනේ කියලා බේරිලා ආවා.
අර පිරිමි ළමයා තීන්ත විදලා තියෙන්නේ මන් බස් එකට නගිද්දී.
ඒක තේරුනේ අන්තිමට මට. මෙහෙම දෙයක් උනොත් බහින්න එපා කීයටවත් කොහොමහරි බැහැලා හරි එක්කන් යන්න try කරනවා .
මේක දැම්මේ තව කෙනෙක් අමාරුවේ වැටෙයි කියලා.
මේ මගේ කලිසම මේක දැක්කම පාරේ යන්න බෑනේ.
මේ රින්සෝ දාලා ඒත් යන්නේ නෑ .
ඔයාලට මෙහෙම උනොත් පරිස්සම් වෙන්න .??
උපුටා ගැනීම අවසන්:


