දෙහිවල ලොකු ප්‍රශ්නයක්
දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිටි කහ ඇනකොණ්ඩා පැටවෙකු අතුරුදන් වී ඇති බවට සත්වෝද්‍යාන නිලධාරින් දෙහිවල පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.
ඒ අනුව මෙරට කාන්තාවක් විසින් ඉකුත් සැප්තැම්බර් මස 12 වන දින තායිලන්තයේ සිට නීති විරෝධීව මෙම කහ ඇනකොණ්ඩාව ඇතුළු සර්ප විශේෂ තුනකට අයත් සර්පයින් 6 දෙනෙකු මෙරටට රැගෙනවිත් ඇති බව සඳහන්.
අනතුරුව එම සත්ත්වයින් කටුනායක ගුවන් තොටුපළ රේගුව භාරයට ගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාර දී තිබෙනවා.
එබැවින් අඳාළ සත්ත්වයන් 6 දෙනා නිරෝධායනයට යොමුකර ඇති අතර අදාළ කාල සීමාවෙන් පසු මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට නියමිත බව දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කසුන් හේමන්ත සමරසේකර ඉකුත් දා සඳහන් කළා.
එම අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ මෙම කහ ඇනකොණ්ඩාව දකුණු අමෙරිකාව නිජබිම කරගත් බරින් වැඩිම සර්ප විශේෂයක් බවයි.
එසේම මෙසේ අතුරුදන් වී ඇති කහ ඇනකොන්ඩාවා මීට පෙර දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොසිටි බවත් ඔහු එම අවස්ථාවේදී පවසා ඇත.