රන්බීර්ගේ රාමත්, සයි පල්ලවිගේ සීතාටත් වඩා රාවණා අවධානය දිනාගනී - ට්‍රේලරයෙන් යෂ්ගේ රාවණා චරිතය රසිකයන් මවිත කරයි

Report

නිතේෂ් තිවාරිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන බහු අපේක්ෂිත ‘රාමායණ’ චිත්‍රපටයේ පළමු කොටසේ නිල ට්‍රේලරය මේ වනවිට නිකුත් කර තිබේ. මෙහිදී රාමගේ චරිතයට පණ පොවන රන්බීර් කපූර් සහ සීතාගේ චරිතයට එක්වන සයි පල්ලවි නැවතත් රාම-සීතා යුගයේ ආකර්ෂණය සිහිපත් කරන අතර, ට්‍රේලරයේ වැඩි අවධානය දිනාගෙන ඇත්තේ යෂ් නිරූපණය කරන රාවණා චරිතය බව විචාරකයින් පෙන්වා දෙයි.

ට්‍රේලරයේ ආරම්භක දර්ශනයෙන්ම රාවණා චරිතය හඳුන්වා දෙන අතර, ඔහුගේ මුහුණ සළුවකින් ආවරණය කර ඇති ආකාරයෙන් දැක්වේ. පුරාණ මහා කාව්‍යයේ මූලික සංකල්ප සමඟ නිතේෂ් තිවාරිගේ නිර්මාණාත්මක දැක්ම එක් කරමින් රාවණාගේ චරිතය දැවැන්ත, බලවත් සහ වෙනස්ම ආකාරයකින් ඉදිරිපත් කර ඇති බව පෙනේ.

''මම භාවනා කරමින් සීතා මෑණියන්ට යාච්ඤා කළා'' - සීතා මෑණියන්ගේ චරිතය රඟපෑම ආශීර්වාදයක් බව සායි පල්ලවි කියයි

''මම භාවනා කරමින් සීතා මෑණියන්ට යාච්ඤා කළා'' - සීතා මෑණියන්ගේ චරිතය රඟපෑම ආශීර්වාදයක් බව සායි පල්ලවි කියයි

ස්වර්ගය, මනුෂ්‍ය ලෝකය සහ පාතාලය ඇතුළු ත්‍රිලෝකයේ තම බලය ප්‍රකාශ කරන රාවණාට එරෙහිව මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීමට රාමගේ උපත සිදුවන බව ට්‍රේලරය තුළ දැක්වේ. මීට පෙර නිකුත් වූ ටීසරය තුළ රාමගේ චරිතයට වැඩි අවධානයක් හිමි වූ අතර, එහි සීතා සහ රාවණා චරිතවල සෙවණැලි ආකාරයේ දර්ශන පමණක් ඇතුළත් විය.

නව ට්‍රේලරය හරහා කයිකේයී ලෙස ලාරා දත්තා, ශූර්පණඛා ලෙස රකුල් ප්‍රීත් සිං සහ ශූර්පණඛාගේ සැමියා වන විද්‍යුත්ජිව්හා ලෙස විවේක් ඔබරෝයි ඇතුළු ප්‍රධාන චරිත කිහිපයක් හඳුන්වා දී තිබේ.

කෙසේ වෙතත්, මෙම දැවැන්ත නිර්මාණයේ හනුමාන්ගේ චරිතයට පණ පොවන සනී ඩියෝල්ගේ දර්ශන ට්‍රේලරය තුළ දැකගත නොහැකි වීම විශේෂත්වයකි.

අති නවීන CGI සහ VFX තාක්ෂණය භාවිත කරමින් දැවැන්ත දෘශ්‍ය අත්දැකීමක් ලබාදීමට ‘රාමායණ’ චිත්‍රපටය සූදානම් බව ට්‍රේලරය මගින් ඉඟි කරයි. පරම්පරා ගණනාවක් පුරා ජනප්‍රිය වූ මෙම පුරාණ කතාව නව පරපුරේ නළු නිළියන් සමඟ නැවත සිනමාවට ගෙන ඒමට නිර්මාණකරුවන් කටයුතු කර ඇත.

ඉන්දීය රූපවාහිනී ඉතිහාසයේ ජනප්‍රිය රාම චරිතය නිරූපණය කළ අරුන් ගෝවිල් ද මෙම චිත්‍රපටයේ රාමගේ පියා වන දශරථ රජුගේ චරිතයෙන් එක්ව සිටීමද විශේෂත්වයකි. ‘රාමායණ’ පළමු කොටස මෙම වසරේ දීපාවලි සමයේදී තිරගත කිරීමට නියමිතය.

පරණ රාමායණයේ සීතා චරිතයට පණ පෙවූ දීපිකා විසින් අලුත් සීතා ලෙස රඟන සායි පල්ලවි ගැන කියූ කතාව මෙන්න

පරණ රාමායණයේ සීතා චරිතයට පණ පෙවූ දීපිකා විසින් අලුත් සීතා ලෙස රඟන සායි පල්ලවි ගැන කියූ කතාව මෙන්න