රෝහල්වල එක්ස් කිරණ පරීක්ෂණ නවතී.
Sri Lanka
Colombo National Hospital
Hospitals in Sri Lanka
By Hashini
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මෙරට රෝහල් හයක එක්ස් කිරණ පරීක්ෂණ නතර කර ඇති බව පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ එක්ස් කිරණ පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.
කිරිබත්ගොඩ මූලික රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, ඇහැළියගොඩ මූලික රෝහල, බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල සහ තවත් රෝහල් දෙකක මෙලෙස එක්ස් කිරණ පරික්ෂාව නතර වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ එක්ස් කිරණ පරීක්ෂණ ඒකකය සති තුනක සිට ක්‍රියා විරහිතව තිබෙන බවයි.
