රැවුලෙන් බර වාහනයක් මීටර් 400ක් ඇඳ ගෙන යමින් ලංකාවෙන් ලෝක වාර්තාවක්..

By Aruna Jul 10, 2023 04:18 AM GMT
Report


පනස් නව(59) හැවිරිදි පුද්ගලයෙකු සිය රැවුලේ ආධාරයෙන් කිලෝ ග්‍රෑම් 1550 ක් බර වාහනයක් විනාඩි 07 යි තප්පර 48 ක කාලයකින් මීටර් 400 ක දුරක් ඇදගෙන ගොස් නව ලෝක වාර්තාවක් පිහිටවූ අපූරු පුවතක් යාපනයේ තෙන්මරච්චි මට්ටුවිල් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සෙල්ලයියා තිරුචෙල්වම් නැමති මොහු කාලාන්තරයක්ම යාපනයේ කෝවිල්වල උත්සව පැවැත්වෙන විට මහජන ප්‍රදර්ශනයක් වශයෙන් සිය රැවුලෙන් වාහන ඇද තිබෙන බවයි වාර්තා වන්නේ.

වරක ඔහු සිය රැවුලෙන් වාහනයක් ඇද ලෝක වාර්තාවක් පිහිටුවන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළ අතර යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයේදීම නියෝජිතයින් විශාල පිරිසක් ඉදිරියේ එම වික්‍රමය සිදු කොට ලෝක වාර්තාව ඊයේ දින පිහිටවනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් වූ සහතිකයක් සෙල්ලයියා තිරුචෙල්වම් වෙත පිරි නැමුණු අතර රැවුලේ ආධාරයෙන් කිලෝ ග්‍රෑම් 1550 ක් බර වාහනයක් ඉතා කෙටි කාලයක් තුළ මීටර් 400 ක් දුරට ඇදගෙන යාමේ ලෝක වාර්තාව හිමි වන්නේ මොහුටයි.

මේ කාර්යය සදහා ඔහුගේ දියණිය ඔහුට සහාය වී ඇති බවයි වාර්තා වන්නේ.

Gallery