විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මරුට
By Ashfa
වත්තල, මාබෝල ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.
මාබෝල ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ඉදි කිරීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස විදුලි සැර වැදී ඇති බව පොලීසිය වාර්තා කරයි.
මියගොස් ඇත්තේ 55 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තෙමහල් ගොඩනැගිල්ල අසල අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් පිහිටා ඇති අතර එමගින් මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.