අපරාදේ කුණු කොල්ලේට යන ලූණු

Report

හුරුළුනිකවැව ගොවීන් පවසන්නේ අනුරාධපුර, ගලෙන් බිඳුණුවැව ගොවින් යල කන්නයේ වගා කළ අක්කර දහස් ගණනක ලොකු ලූනු අස්වැන්න නිවෙස්වල ගොඩ ගසා තිබීමෙන් කුණු වී කිලෝ දහස් ගණනක් ඉවත දැමීමට සිදුව ඇති බවයි.

ගොවීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගුණාත්මක බීජ නොමැතිකම හෝ යහපත් කාලගුණයක් නොමැති වීම හේතුවෙන් සිය අස්වනු කුණු වීමට ලත් වෙනවාද යන්න සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බවත් මේ වන විට දෛනිකව තම අස්වැන්න තම ගබඩා වලින් තෝරා ප්‍රයෝජනයට ගත නොහැකි ලූනු ඉවත් කිරීමට සිදුව ඇති බවයි.

ලංකාවට විරුද්ධව ඉන්දියාවෙ විරෝධතාවක්

ලංකාවට විරුද්ධව ඉන්දියාවෙ විරෝධතාවක්

ලුනු බීජ කිලෝ එකකින් ලූනු අස්වැන්න ආසන්න වශයෙන් කිලෝ 3000 ක් බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ගොවින් චෝදනා කරන්නේ මේ වන විට එක් ගොවියකු ආසන්න වශයෙන් අස්වැන්න කිලෝ පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ඉවත දමා ඇති බවයි.

එමෙන්ම දැඩි දුෂ්කරතා මධ්‍යයේ පසුගිය යල කන්නයේ ලූනු වගා කළ අතර ලූනු කිලෝවක් සඳහා වෙළඳ පොලේ රුපියල් 80 – 100 කට ආසන්න මුදලකට පැවතීම නුසුදුසු බව හුරුළුනිකවැව ගොවින් පවසයි.

ලංකාවට සුභයි වගේ හොද ආරංචියක්

ලංකාවට සුභයි වගේ හොද ආරංචියක්