බිඳුණු ගාසා යළි ගොඩනැගේ - ගාසා සාම සමුළුව හෙට ඊජිප්තුවේදී
By R.rishma
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීමේ අරමුණින් හෙට (13) පස්වරුවේ ඊජිප්තුවේදී ගාසා සාම සමුළුව පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ලොව පුරා රාජ්‍ය නායකයින් 20කට අධික පිරිසක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය. බ්‍රිතාන්‍ය, ඉතාලි, සහ ස්පාඤ්ඤ රාජ්‍යයන්හි අග්‍රාමාත්‍යවරුන් මෙන්ම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ද තම සහභාගීත්වය මේ වන විට තහවුරු කර ඇත. එසේම, එක්සත් ජාතීන්ගේ මහා ලේකම් අන්තෝනියෝ ගුටේරෙස්ද මෙම සමුළුවට සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.
කෙසේ වුවද, හමාස් සංවිධානය මෙම සමුළුවට සහභාගී නොවන අතර, ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ සහභාගීත්වය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැත.