ලොකුම ලොක්කෙක් අද ලංකාවට
අද (12) දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus මහතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 78 වන අග්නිදිග ආසියානු කලාපීය ජාත්‍යන්තර සෞඛ්‍ය සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට මෙරටට පැමිණ තිබේ.
හෙට 13 දින සිට 15 දින දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන මෙම සමුළුව කොළඹ දී පැවැත්වේ.
මෙම සමුළුවට අග්නිදිග ආසියානු කලාපයේ රටවල් නියෝජනය කරමින් එම රටවල සෞඛ්‍ය අමාත්‍යාවරුන් ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරවරු 09.40ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීම සදහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.