අද ස්ට්‍රයික් කරන වෛද්‍යවරුන් වෘත්තිය සංගම් එදා අහිංසක චමිලා වෙනුවෙන් පෙනී සිටියාද?
ඔවුහු චමිලා වෙනුවෙන් කම්පා නොවුණෝ ය! සලිත නොවුණෝ ය.
මේ තුච්ඡ සිදුවීම වසන් කරන්නට වෙහෙසුණෝ ය.
ගොඩක් අය අහනවා වෛද්‍යවරයෙක් විසින් මීගමුව මහරෝහලේදී රෝගී කාන්තාවක් දූෂණය කර , ඝාතනය කිරීමේ සිදුවීම ගැන.
ඒ හින්ද ඒ ගැන කෙටියෙන් ලියන්නම්.. ඔය ඡායාරූපයේ ඉන්නෙ දූෂණය කර මරා දැමූ තරුණිය.
ඇගේ නම චමිලා දිසානායක. අති දුෂ්කර මොනරාගල ප්‍රදේශයේ සිට පැමිණ කටුනායක ඇගළුම් කම්හලක සේවය කල ඇය ඝාතනය කරන විට 23 හැවිරිදි වියේ පසුවුණා..
පියයුරු පිළිකාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබපු ඇයට සැත්කමක් සිදු කරනවා මීගමුව මහ රෝහලේදී.
ඒ සැත්කම සිදු කරන්නෙ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික වික්‍රමරත්න මහතා. සැත්කම කර ඇය 2007. 10. 25 රෝහලෙන් පිටවෙනවා.
ඇයට දැනුම් දෙනවා අදාල සායනය සඳහා 2007. 11. 12 වන දින සහභාගි වන ලෙස..
ඇය එය සායනයට සහභාගි වෙනවා. එහිදි සායනයේ අවශ්‍යතාවයක් නිසා තියටර් එකේ සේවය කල #ඉන්දික_සුදර්ශන_බාලගේ කියන වෛද්‍යවරයා මුණ ගැසීමට යනවා.
එහිදී ඒ පාපතරයා පියයුරුවක් ඉවත් කල රෝගී තරුණිය දූෂණය කරනවා. ඇයව දූෂණය කරන්නෙ පහරදී සිහිසුන් වුනාට පස්සෙ.
දූෂණය කර කොරිඩෝව දිගේ ඇඳගෙන ගොස් 06 වන මහලෙන් බිමට තල්ලු කරනවා. බරපතල තුවාල සහිතව රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කල ඇය මිය යනවා..
එදා රෝහල් පරිපාලනය මේ වෛද්‍යවරයා බේරගන්න සෑහෙන්න උත්සහ කලා. නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු සහකම්පිත රාජකාරිය හරියට කල මිනිස්සු නිසා එය වැළකුණා..
පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වුනා ඇය දූෂණයට පෙර කන්‍යාවියක්ව සිටි බව.
ඒ වගෙම ඇගේ ශරීරයේ තුවාල 62 ක් තිබීම ඝාතකයාගේ කෲරත්වයට සාක්ෂියක් ..
හඬක් නොමැතිව මියගිය චමිල වෙනුවෙන් සාක්ෂි දෙන්න ඉදිරිපත් වුනේ හඬක් නොමැති තවත් කාන්තාවක්.
ඇය ප්‍රයිවට් ක්ලීනින් සර්විස් එකකට අනුයුක්තව රෝහලේ වැඩ කල බ්‍රියට්‍රිස් කියන කාන්තාව.
ඇය වැඩ කලේ රුපියල් 285 ක දෛනික වැටුපකට.
මේ අපරාධය වසන් කරන්න ඇයට විවිධ පොරොන්දු දුන්නා , තර්ජනය කලා , බිය වැද්දීම් කලා.
රෝහල් පරිපාලනය හා අදාල ක්ලීනින් සර්විස් එක සමඟ එකතු වී ඇගේ රැකියාව අහිමි කලා.
නමුත් ඒ මාතාව නොබියව යුක්තිය වෙනුවෙන් එදා පෙනී හිටියා.
එදා ඔය සම්බන්ධයෙන් අද කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන , කිඹුල් කඳුළු හෙලන සංගම් , වෘත්තිකයො කටක් ඇරියෙ නෑ. කාන්තා හිංසනය , ප්රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටි ඇයට අපි දණ ගහල වැන්දත් පව් නෑ.. වින්දිත තරුණිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රියන්ජිත් පෙරේරා මහතා..
නීතිපතිවරයා විසින් #ඉන්දික_සුදර්ශන_බාලගේ කියන වෛද්‍යවරයාට එරෙහිව මීගමුව මහාධිකරණය ඉදිරියේ නඩු පවරනවා ස්ත්‍රී දූෂණය හා මිනී මැරීමට චෝදනා කරමින්..
නඩු අංකය HC 404/2010.. ගරු මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ ගෆූර් මැතිතුමා විසින් නඩු විභාගයෙන් පසු ස්ත්‍රී දූෂණය හා මිනී මැරීම යන වැරදි දෙකටම චූදිත වෛද්‍යවරයා වැරදිකරු කරනවා..
මේ තීන්දුවට එරෙහිව අපරාධකරු අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනවා.
එහි නඩු අංකය CA/HCC/154/2014. මෙම අභියාචනය විභාග කරන්නෙ සම්පත් අබේකෝන් හා පී කුමාරරත්නම් කියන විනිසුරුතුමන් දෙපල. ඔවුන් අභියාචනය නිශ්ප්‍රභා කරමින් මහාධිකරණය දුන් තීන්දුව ස්ථීර කරනවා..
මෙම දූෂණය හා ඝාතනය ඒ දවස්වල BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යවලත් පලවුනා.
ආසියානු මානව හිමිකම් කවුන්සලයෙත් මෙය සාකච්ඡා වුනා.. මියගිය කාන්තාවගේ ඡායාරූපය උපුටා පළ කිරීමෙන් කිසිවෙකුට අගතියක් නොවේයැයි විශ්වාස කරනවා.
මොකද ඇගේ ඡයාරූප ඒ දිනවල රූපවාහිනීයේ ඕනතරම් පෙන්නුවා. අන්තර්ජාලයෙත් ඕනිතරම් ඇගෙ ඡායාරූප තියෙනවා මේ සිදුවීම සමඟ ගලපලා.. 🖊️ Chathuranga Amarathunga
මුහුණු පොතේ ඉන්න පුටා ගැනීමකි.
ලිපියේ සියලුම අයිතීන් මුල් අයිතිකරු සතුයි.
