අත්තනගලු ඔයේ පාලමෙන් පැන තරුණියක් සියදිවි නසා ගෙන
By Kaushi
ගම්පහ - මිනුවන්ගොඩ මාර්ගයේ අස්ගිරිය ප්‍රදේශයෙන් අත්තනගලු ඔයට පැන තරුණියක් සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය සඳහන් කළේ අත්තනගලු ඔයේ පාලමෙන් පැන මෙම තරුණිය සියදිවි හානි කරගෙන ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී ඇති බවයි.
මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ 21 හැවිරිදි දොරණගොඩ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවට තොරතුරු ලැබී ඇත.
එමෙන්ම සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පවසයි.
මේ අතර අතුරුදන් වු කාන්තාවගේ මළසිරුර සෙවීමේ මෙහෙයුම් පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කර ඇත.