කාන්තාවන් තුළ අකලට වියපත් පෙනුම නැති කරගන්න ක්‍රම 6ක්..

Sri Lanka Women
By Aruna Jul 15, 2021 01:46 PM GMT
Aruna

Aruna

Report

එකිනෙකට ආවේණික කාර්යබාරයක් ඉ‍ටු කරන හෝර්මෝන ශ්‍රාවයන් මඟින් සමස්ත සිරුරේම ක්‍රියාකාරීත්වය සඳහා ඉතා වැදගත් දායකත්වයක් සපයනු ලබයි.

හෝර්මෝන වල ක්‍රියාකාරීත්වයන් එකිනෙකට වෙනස් ඒවා වේ. විද්‍යාඥයින් පවසන ආකාරයට මිනිස් සිරුර මඟින් සංස්ලේෂණය කෙරෙන හෝර්මෝන අතරින් කාන්තාවන්ගේ සුන්දරත්වය කෙරෙහි බලපාන ප්‍රධාන හෝර්මෝන වර්ග 6 ක් පවතින බවයි.

ඒවා මඟින් සමේ නම්‍යශීලිබව ඇතිකිරීම, තරුණ පෙනුම ආරක්ෂා කිරීම මෙන්ම යහපත් මනෝභාවයක් ඇති කිරීමට ද දායක වේ.

නමුත්, ඇතැම් විට හඳුනානොගත් හේතු නිසාවෙන් සිරුරේ ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වීමට ඉඩ තිබෙනවා.

ඒ බලපෑමෙන් සිරුරේ හෝර්මෝන මට්ටම පහළ යාමට ඉඩතිබෙන අතර ඉන් පුද්ගලයාගේ බාහිර සුන්දරත්වය පිරිහී ගොස් අකලට වියපත් වූ ස්වභාවයකට පත්වීමට පටන්ගැනීම සිදුවිය හැකියි.

හෝර්මෝන අසමතුලිත වීම නිසා ඇති වන එවැනි හානිකර තත්වයන් වළක්වාගැනීම සඳහා ප්‍රයෝජනවත් වන ක්‍රම ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.

සමේ සුන්දරත්වය ආරක්ෂා කරගැනීම කාන්තාවන්ට ඉතා වැදගත් වන දෙයක්.

සිරුරේ හෝර්මෝන ක්‍රමවත්ව සමබරතාවයකින් යුතුව පවත්වාගනිමින් සම, හිසකෙස් සහ නිය පෙළ වඩාත් නීරෝගිව , සුන්දර පෙනුමකින් යුතුව ‍රැකගැනීමට මේ උපදෙස් ඔබට ප්‍රයෝජනවත් වේවි.

1.ඊස්ට්‍රජන් –

ස්ත්‍රී ලිංගික හෝර්මෝන වන ඊස්ට්‍රජන් මඟින් ෆයිබ්‍රෝබ්ලාස්ට් සෛල හරහා කොලැජන් සහ ඉලාස්ටින් නිෂ්පාදනය කිරීම සිදුකරවයි. මෙම හෝර්මෝන මට්ටම අඩු වීම නිසා සම ‍රැළි වැටීම, මුහුණේ ඕවලාකාර හැඩය වෙනස් වීම සහ පියයුරු එල්ලා වැටීමට පටන්ගැනීම වැනි රූප සොබාවේ වෙනස්කම් ‍රැසක් ඇතිවිය හැකියි. සම පමණක් නොව සිරුරේ ඊස්ට්‍රජන් මට්ටම අඩුවීම නිසා මුලු සිරුරම වේගයෙන් පරිහාණියට පත්වීමට පටන්ගනියි. – සිරුරේ ඊස්ට්‍රජන් මට්ටම ඉහළ නංවාගත හැකි ක්‍රම – ආහාර නැවුම් එළවළු-පලතුරු, රතු බත් ආහාරයට ගන්න.සත්ව ප්‍රෝටින මඟින් ඊස්ට්‍රජන් නිෂ්පාදනයට බාධා ඇතිකරවන බව විද්‍යාඥයින් පවසති. එබැවින්, හැකිතරම් මස් නිෂ්පාදන අනුභවය සීමා කරන්න. – රූපලාවන්‍ය නිෂ්පාදන- ෆයිටෝ ඊස්ට්‍රජන් ( ශාකමය සංඝටකයක විශේෂයකි)අඩංගු ක්‍රීම් වර්ග භාවිතා කරන්න. වැල්මී මුල් වල අඩංගු liquiritigenin නම් ප්‍රතිඔක්සිකාරකය මඟින් සමේ කොලැජන් නිෂ්පාදනය උත්තේජනය කරවන අතර සම වියපත් විම වළක්වයි. වැල්මී අඩංගු සීරම් සහ ක්‍රීම් නිෂ්පාදන භාවිතා කරන්න.

2.සෝමාටොට්‍රොපින් (වර්ධක හෝර්මෝන) –

වයසට යාමේදී රුධිරයේ අඩංගු මෙම වර්ධක හෝර්මෝන මට්ටම පහත බැසිමට පටන්ගන්නා තත්වයක් හටගත හැකියි. ඒවා අඩුවන විට මේද සහ ‍රැළි වැටීම් වැඩිවී මාංශ පේශීන් හැකිළීයාම, මනෝභාවයන් වෙනස්වීම සහ දරා සිටීමේ හැකියාව අඩු වීම වැනි ලක්ෂණ ඇතිවිය හැකියි. බොහෝ ප්‍රසිද්ධ තරු තම සුන්දරත්වය ‍රැකගැනීම සඳහා මෙම වර්ධක හෝර්මෝන එන්නත් කරගැනීම සිදුකරගනිති. නමුත්, එම ක්‍රමයේ අහිතකර අතුරු ආබාධ තත්වයන් ලෙස: ඉදිමීම, හිසරදය, අභ්‍යන්තරික අවයව සහ අස්ථි වල අසාමාන්‍ය හා පාලනයෙන් තොරව වර්ධනයන් ඇතිවීම වැනි ගැටලු මතු විය හැක. සිරුරේ සෝමාටොට්‍රොපින් මට්ටම ඉහළ නංවාගත හැකි ක්‍රම – පැයට සැතපුම් 2.5-3.5 ත් අතර වේගයකින් දිවීම, බර ඉසිලීම් ව්‍යායාම, ඇරෝබික් ව්‍යායාම , වැනි කායික ක්‍රියාශිලි බව ඇතිකරවන ව්‍යායාම වල නිරත වන්න – හුමාල ස්නානය සහ ස්නානය කරන විට ජල උෂ්ණත්වයන් මාරු කරමින් ස්නානය කිරීම (contrast bath) වැනි ක්‍රම වර්ධක හෝර්මෝන නිෂ්පාදනය උත්තේජනය කරවයි. – Gamma-Aminobutyric Acid (GABA) ක්‍රීඩා අතිරේක පෝෂක ලබාගැනීම මඟින් නින්ද වැඩිදියුණු කිරීම මෙන්ම සෝමාටොට්ට්‍රොපින් මට්ටම ඉහළ දැමීම සිදුකරයි.

3.ඩිහයිඩ්‍රොපියාන්ඩ්‍රොස්ටෙරෝන් –

මෙම හෝර්මෝනය සිරුර සමනය කරවන සහ වියපත් වීම පාලනය කරන හෝර්මෝනයකි. නමුත්, අපගේ සිරුර මේවා ශ්‍රාවය කරන්නේ වයස අවුරුදු 30 දක්වා පමණි. ඉන් පසු කාලයේදී ක්‍රමයෙන් මාංශ පේශීන් වල තානය වෙනස්වීම, රුධිර වාහිනි බි‍ඳෙන සුලු තත්වයට පත්වීම, සහ සමේ නම්‍යශීලි බව නැතිවීම වැනි වෙනස්කම් ඇතිවීමට පටන්ගනියි. – සිරුරේ ඩිහයිඩ්‍රොපියාන්ඩ්‍රොස්ටෙරෝන් මට්ටම ඉහළ නංවාගත හැකි ක්‍රම – හිතකර මේද අඩංගු ආහාර අනුභව කරන්න. ඇට වර්ග, ධාන්‍ය වර්ග, මේද අඩංගු මාලු, අලිගැටපේර වැනි ආහාර වල සිරුරට අත්‍යවශ්‍ය බහු අසංතෘප්ත මේද අම්ල අඩංගුය. – උදෑසන ආහාර වේල සඳහා ප්‍රෝටීන් පෝෂණය අඩංගු ආහාර අනුභව කරන්න.

4.මෙලටොනින් –

රිද්මයානුකූල හෙවත් චක්‍රිය ක්‍රියාදාම පාලනය කිරීම සඳහා මෙලටොනින් දායක වේ.සිරුරට විවේකගත යුතු කාලය හඟවන හෝර්මෝන වේ. නින්ද අතරේදි මිනිස් සිරුරේ නව සෛල ඇතිවිම සහ ගෙවි ගිය කොටස් අලුත්වැඩියා වීම සිදුවේ. නමුත්, නින්දට බාධා වීමෙන් එම ක්‍රියාවලිය ඇණහිටිය හැකි අතර අකලට වියපත් වූ ස්වභාවයක් පුද්ගලයා කෙරෙන් දිස් වීමට පටන්ගත හැකියි. මෙලටොනින් ඌනතාවක් ඇති වීමෙන් සම ‍රැළි වැටීම, හිසකෙස් ගැලවී යාම මෙන්ම සමේ පිග්මන්ට් කැලැල් මතුවීමට පටන්ගැනීම වැනි කාන්තා ඔබේ සුන්දරත්වය විනාශ වී යන වෙනස්කම් ඇතිවිමට පටන්ගනියි. – සිරුරේ මෙලටොනින් මට්ටම ඉහළ නංවාගත හැකි ක්‍රම – කෙසෙල්,තක්කාලි, බත් සහ ඉරිඟු වැනි ආහාර වල මෙලටොනින් අඩංගුය. මද්‍යසාර, දුම්පානය සහ කැෆේන් භාවිතය නිසා මෙම හෝර්මෝන නිෂ්පාදනයට බාධා ඇතිවේ. – මෙලටොනින් ඖෂධ කරල් ලෙස ලබගත හැක. ඒවා ඔසු සැල් වලින් ලබාගත හැකියි. නමුත්, පළමුව වෛද්‍ය උපදෙස් ලබාසිටීමට කටයුතු කල යුතුයි.

5.කෝටිසෝල් –

කෝර්ටිසෝල් හෝර්මෝන ඉහළ මට්ටමක පැවතීම නිසා සම අකලට වියපත් වීමට පටන්ගනියි. සමේ ස්වභාවය අනුව කෝර්ටිසෝල් වල සෘණාත්මක බලපෑම් වෙනස් ලෙස මතුවිය හැකියි. ඒ අනුව සම සුදුමැලි වීම, වියළී යාම, පොතු ගැලවීම, ප්‍රබල ලෙස ‍රැළි වැටීම, අධික තෙල් ගතිය සහ කුරුලෑ තත්වයන් පවා ඇති විය හැකියි. මෙම හෝර්මෝන මඟින් කොලැජන් තන්තු ඛණ්ඩනය කරන අතර සමේ සවිවර බව නැතිකර දමයි. සිරුරේ කෝර්ටිසෝල් මට්ටම පහත දමාගැනීමට උපකාරී වන ක්‍රම – හොඳින් ජලය පානය කරන්න. සුලු විජලන තත්වයක් සිරුරේ හටගත්ත ද ඉන් මෙම හෝර්මෝනය ඉහළ යාමට බලපෑම් ඇතිකරවයි. – රෝස මුල් අඩංගු ආහාර අතිරේක පෝෂක භාවිතයෙන් කාංසාව සහ කෝර්ටිසෝල් මට්ටම පහත දමාගත අහෙකියි. – මියුරු ගීත වලට සවන්දෙන්න. විද්‍යාඥයින්ට අනුව මිහිරි සංගීතය ශ්‍රවණය කිරීම ආතතිය දුරුකරවීමට සමත් හොඳ චිකිත්සක ක්‍රමයක් බවයි. – ඖෂධ නොමැතිවම සිරුර සැහැල්ලු කරගනිමින් ආතතින් දුරු කරගැනිමට භාවනා ක්‍රම බොහෝ ප්‍රයෝජනවත් වේ. මෙමඟින් සිරුරේ කෝර්ටිසෝල් මට්ටම අඩුකරවා ගැනීමට ද ඔබට ස්වභාවිකව හැකියාව ලැබේ.

6.ඉන්සියුලින් –

ඉන්සියුලින් හෝර්මෝනය මඟින් රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම ඉහළ නංවයි. එය පාලනයකින් තොරව සිදුවු විට සමේ අකලට වියපත් වීමට පටන්ගැනීමේ ලක්ෂණ පහළ වීමට පටන්ගනියි. රුධිරයේ අධික සීනි මට්ටමක් තිබීම සම ‍රැළි වැටීමට සහ එල්ලා වැටීමට බලපාන ප්‍රධාන හේතුවකි.ග්ලුකෝස් ඉහළ මට්ටමක් ඇතිවීම නිසා ග්ලයිකේෂන් ක්‍රියාවලිය හෙවත් සීනි අණු සහ ප්‍රෝටීන් අතර බන්ධනයන් ඇතිවීම වයසට වඩා අසාමාන්‍ය වේගයකින් සිදුවීමට පටන්ගන්නා අතර එහි බලපෑමෙන් සමේ කොලැජන් සහ ඉලාස්ටින් විනාශ වීයාමට පටන්ගනියි. නම්‍යශීලි සම ක්‍රමයෙන් හානිවූ සහ විජලනයට පත්වූ ස්වභාවයකට පත්වේ. අධික සීනි මට්ටමක් ඇතිවීමෙන් සම ආරක්ෂා කරගන්නේ කෙසේද? – පළමුව, වෛද්‍යවරයෙකු හමු වී රුධිර පරීක්ෂණ වාර්තාවෙන් ඔබේ සිරුරේ සීනි මට්ටම ගැන අවබෝධයක් ලබාගන්න. වෛද්‍ය උපදෙස් පරිදි ප්‍රතිකාර ලබාගන්න. – රෙටිනොයිඩ (විටමින් A සහ එහි වෙනත් ප්‍රභේද) අඩංගු ක්‍රීම් සහ සීරම් භාවිතා කිරීමෙන් සමේ කොලැජන් නිෂ්පාදනය උත්තේජනය කරගත හැකියි. එමෙන්ම විටමින් C,E සහ ග්‍රීන් ටි වැනි ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත පෝෂක ද ඒවායේ අඩංගුව තිබීම ඔබේ සමට වඩාත් හොඳ ප්‍රතිලාභ අත්කරගැනීමට හේතු වේවි – හිරු කිරණ නිසා සමේ ඉලාස්ටින් තන්තු විනාශ වී යන අතර සම වේගයෙන් වියපත් වීමට පටන් ගනියි. එබැවින්, නිවසින් පිටවන සෑම අවස්ථාවකම හොඳ සන්ස්ක්‍රීන් නිෂ්පාදනයක් භාවිතා කිරීමට අමතක නොකරන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery