කන්පැනි පාටියේ දී සේවිකාවක් දුෂණය කර ගර්භාෂය ඇතුළට වීදුරු බෝතල් දෙකක් ඇතුල් කරලා - ලේ වහනය සමග ඇය රෝහලට

Report

කාන්තාවට සිදුකළ ස්කෑන් පරීක්ෂණයකදී ඇගේ ගර්භාෂය තුළ වීදුරු බෝතල් දෙකක් හොයාගෙන ඇත.පසුව, ශල්‍යකර්මයක් සිදුකර එම බෝතල් පිටතට ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

තමන්ට අධික ලෙස රුධිරය වහනය වන බව පවසමින් නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් පෙරේදා (09) වනදා මාරවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වී තිබෙනවා.

ජනවාරි පළමු වනදා තමන් සේවය කරන ආයතනයේ හිමිකාරියගේ නිවසේ සාදයක් පැවති බවත්, එම අවස්ථාවේ අධික ලෙස මත්පැන් පානය කර සිටි තමන්ව පුද්ගලයින් දෙදෙනෙකු විසින් දූෂණය කළ බවත් රෝහල් ගතකළ කාන්තාව වෛද්‍යවරුන්ට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් ගතකළ කාන්තාවගේ සිදුකළ ස්කෑන් පරික්ෂාවක දී ඇයගේ කුස තුළ බෝතල් දෙකක් ඇති බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන ඇති අතර, පසුව ඇයට සිදුකරන ලද ශල්‍යකර්මයක දී එම බෝතල් දෙක පිටතට ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්, නාත්තන්ඩිය සහ පිලාකටුමුල්ල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු සහ මෙම කටයුතු සඳහා අනුබල දුන් කාන්තාවක් මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අර මිහින්තලේ වනචාරියා කියන්නෙම කුණුහරුප - හරිනිට බැන්නට ලාල් කාන්තට කේන්ති යයි

අර මිහින්තලේ වනචාරියා කියන්නෙම කුණුහරුප - හරිනිට බැන්නට ලාල් කාන්තට කේන්ති යයි

අත්අඩංගුවට ගත් තිදෙනා අතර රෝහල් ගත වූ කාන්තාව සේවය කළ ආයතනයේ හිමිකාරිය සහ එහි සේවකයින් දෙදෙනෙකු සිටි. අත්අඩංගුවට ගත් තිදෙනා මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පොලීසිය සඳහන් කරන්නේ, 01 වනදා පැවති සාදයේදී රෝහල් ගත වී සිටින කාන්තාව සහ පිරිමි පුද්ගලයින් දෙදෙනා අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව විමර්ශන වලින් අනාවරණය වූ බවයි.

රාජ්‍ය ලාංඡනය විකෘති කිරීම ගැන අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය ලාංඡනය විකෘති කිරීම ගැන අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්