යලි උසස් පෙළ විභාගය කල්යිද?

Ministry of Education A D Susil Premajayantha Sri Lanka Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Hashini Sep 19, 2023 06:18 AM GMT
Hashini

Hashini

Report

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසන්නේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බවයි.

රෝහිණී කවිරත්න මහත්මිය අද (19) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී රෝහිණී කවිරත්න මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ, 

නොවැම්බර් 21 හෝ 27 උසස් පෙළ නොතියා පාසල් තෙවන වාරය ඔබතුමාට පුළුවන්නම් 2023.10.30 සිට 2023.12.22 කට සති 8කුත් 2024 .01.01 සිට 2024.01.19 සති තුනකුත් විදිහට අරගෙන පාසල් වාරය ඉවර කරන්න පුළුවන් වෙනවා 1 වසරේ සිට 12 වසරේ ඉන්න දරුවන්ට. උසස් පෙළ විභාගය ජනවාරි 22 ආරම්භ කරොත් පෙබරවාරි 17 අවසන් කරන්න පුළුවන්. එතකොට පෙබරවාරි 19 සිට 2024 පළමු වාරය ආරම්භ කරන්න පුළුවන්. උසස් පෙළ ලබන ජනවාරි ලියන ළමයින්ගේ මාස තුනකින් දුන්නොත් මැයි ප්‍රතිඵල දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් ඊළඟ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ විභාගය තියන්න පුළුවන්. එහෙම වුණොත් 2025 ඉඳන් ඔය විභාග කාලසටහන යාවත්කාලීන කරන්න පුළුවන්.

එයට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා, 

රෝහිණී කවිරත්න මහත්මිය වැදගත් ප්‍රශ්නයක් යොමු කළා. ප්‍රශ්නයකට වැඩිය යෝජනාවක් ඒ යෝජනවා විභාග කොමසාරිස්වරයාගේ අවධානයට යොමුකරලා තියෙන්නේ. ඒ පිළිබඳව එතුමා නිවේනදයක් නිකුත්කරයි ළඟදීම. 

ReeCha