දඩයමේ ගිය සිවිල් ආරක්ෂකයාට වනජීවියෙන් වෙඩි

Covid 19 hunter wilpaththuwa wild life
By Sithumi Jun 08, 2021 01:13 PM GMT
Sithumi

Sithumi

Report

විල්පත්තුව රජයේ රක්ෂිතයේ දඩයමේ ගිය සිවිල් ආරක්ෂක භටයන් දෙදෙනකු හා වනජිවි නිලධාරින් අතර ඇතිවු ගැටුමකින් එක් සිවිල් ආරක්ෂක භටයකු වෙඩි වැදි තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නොච්චියාගම පොලිසිය කියයි.

මෙම සිවිල් ආරක්ෂක භටයන් දෙදෙනා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කටුපත්වැව උප කලාපයට අනුයුක්තව සේවය කරයි.

මොවුන් දෙදෙනා අද විල්පත්තුව රජයේ රක්ෂිතයට මායිම්ව පිහිටි රාජංගණය,යාය දහය ප්‍රදේශයේ සතුන් දඩයම් කිරිමට ගිය අවස්ථාවේදි එහි ආරක්ෂක කටයුතුවල නිරතව සිටි වනජිවි නිලධාරින් ඔවුන් අත්අඩංගුවට ගැනිමට යාමේදි ඇතිවු ගැටුමෙන් වනජිවි නිලධාරින් අත තිබු රබර් උණ්ඩ යෙදු ගිනි අවියක් පත්තු විමෙන් එක් සිවිල් ආරක්ෂක භටයකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

එම පුද්ගලයා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර අනෙක් පුද්ගලයා වනජිවි නිලධාරින් විසින් අත්අඩංගවට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now