කවුද හිතුවෙ පොඩි කෙල්ලගේ මල්ලෙ තිබුණේ මාරාන්තික...මීට කළිනුත් දහස් ගාණක් මැරිලා

Report

ඉන්දීය NDTV මාධ්‍යය මඟින් අනාවරණ‍ය කර ගෙන ඇත්තේ ඉකුත් 12 දින බැංකොක් සිට මෙරටට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියකගේ ගමන් මල්ලේ තිබිය දී සොයාගත් කුෂ් මත්ද්‍රව්‍ය බටහිර අප්‍රිකානු කලාපයේ ව්‍යාප්ත වන අතිශය මාරාන්තික මත්ද්‍රව්‍යක් බවයි.

එසේ අත්අඩංගුවට පත් වූයේ 21 හැවිරිදි චාලට් මේ ලී නමැති තරුණියක්.

විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...

විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...

සැකකාරිය කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට පත්වන විට ඇය සතුව තිබී රුපියල් මිලියන 460කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 46 ක් ද සොයා ගෙන තිබුණා.

එය කටුනායක ගුවන්තොටුපොළෙන් එක්වර අත්අඩංගුවට ගෙන තිබෙන විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ලෙස මෙරට මත්ද්‍රව්‍ය නාශක ඒකකයට සඳහන් කර ඇත.

මෙසේ ඇය සතු වූ මත්ද්‍රව්‍ය වර්ගය නිෂ්පාදනය කිරීමට මිනිස් අස්ථි කොටස් යොදාගන්නා බව NDTV අනාවරණ කර ගෙන තිබෙනවා.

එසේම එම මත්ද්‍රව්‍ය බටහිර අප්‍රිකාවේ වඩාත් ව්‍යාප්තව තිබෙන උඝ්‍ර ප්‍රතිඵල ගෙන දෙන්නක් බව ද වාර්තා වේ.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

ඒ අනුව NDTV වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සියරා ලියෝන් රාජ්‍යයේ දහස් ගණනක් මිය යෑමට මෙම කුෂ් මත්ද්‍රව්‍ය හේතු වූ බවයි.

ඒ නිසාවෙන්ම ඉකුත් වර්ෂයේ දී රට තළ හදිසි තත්ත්වයක් නම් කිරීමටත් සියරා ලියෝන් රාජ්‍යයට සිදුවූ බව ප්‍රකාශ කළා.

තවද මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින සැකකාරිය සම්බන්ධයෙන් මෑත කාලයේදී වැඩි අවධානයක් යොමු වීම ද දැක ගත හැකි විය.

ඒ බ්‍රිතාන්‍ය ඩේලි මේල් වෙබ් අඩවියෙන් සැකකාරිය ඉතාමත් අඩු පහසුකම් සහිතව මීගමුව බන්ධනාගාරයේ රඳවා ඇති බවට හෙළි කිරීමත් සමඟයි.

හජ් සැමරුම ගැන නිවේදනයක්

හජ් සැමරුම ගැන නිවේදනයක්