ඉස්සරහට බය වෙන්න ඕනේ කවුද? එපා කවුද?...අල්ලස් කොමිසමෙන් කියයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා රාජ්‍ය නිලධාරීන් සිදු කරන සෑම ක්‍රියාවක්ම දූෂණය නැමති වරදට නොගන්නා බවට ප්‍රකාශ කර ඇත.
එසේ වුවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඔවුන් විසින් කරන යම් ක්‍රියාවක් චේතනාන්විතව හෝ දැනුවත්ව රජයට පාඩුවක් කිරීමට හෝ වෙනත් අයෙකුට වාසියක් වන බවට දැනුවත්ව සිදු කර ඇත්නම් එය දූෂණය නැමති වරදට යටත් වන බවයි.
එමෙන්ම සමහර අවස්ථාවලදී මහජන යහපත වෙනුවෙන් ඇතැම් වගන්තිවලින් පිටට ගොස් වැඩ කිරීමට සිදුවන බවත් මෙහිදී ඔහු කියයි.
එවැනි විටෙකදී අවංක අරමුණකින් ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන් බියවිය යුතු නැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා.
එහෙත් දූෂණ ක්‍රියාවලට තමන්ගේ නිල බලය භාවිතා කළ අය මේ සම්බන්ධයෙන් බිය විය යුතු කොට්ඨාසයට අයිති බවත් සඳහන් කර ඇත.
රංග දිසානායක මහතා මෙහිදී අවධාරණය කරමින් දන්වා ඇත්තේ එබදු පුද්ගලයන් හේතුවෙන් පසුගිය කාලයේ රජයට විශාල පාඩු සිදුව ඇති බවයි.
