වට්ස්ඇප් අලුත් වෙයි..භාවිතා කරන අයට විශේෂ පණිවුඩයක්...

Sri Lanka WhatsApp
By Aruna Mar 22, 2023 11:07 PM GMT
Aruna

Aruna

Report

WhatsApp සමාජ මධ්‍යය සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ව්ට්ස්ඇප් සමුහ ඇඩ්මින්වරුන්ට එමගින් විශේෂ පහසුකමක් ලබාදීමට Meta සමාගම විසින් පියවර ගෙන ඇත්තේ.

WhatsApp සමුහයන් (Group) භාවිතා කිරීමේදී එහි සිටින පරිශීලකයින් විසින් භාවිතා කරන පොදු වට්ස්ඇප් සමුහයන් පිලිබඳ වන තොරතුරු ඒ අනුව සමුහ පාලක ඇඩ්මින්වරුන්ට දැන ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

මේ අතර WhatsApp විසින් මෑතකදී සිය පරිශීලකයින්හට ඔවුන්ගේ හඬ ඔස්සේ "ස්ටේටස්" පළ කිරීමට ඉඩ සලසා ලබාදී ඇත.

සමූහ ඇඩ්මින්වරුන්ට වැඩි පාලනයක් ලබා දෙන මෙම WhatsApp හි නව විශේෂාංගය අනුව වට්ස්ඇප් සමුහ ආරාධනා සබැඳියන් (Request) හරහා ඇඩ්මින්වරුන්ට පරිශීලකයින්ගේ සියලුම ඉල්ලීම් එක තැනකින් පාලනය කිරීමට හැකිවන අතර එමගින් ඇඩ්මින්වරුන්ට අවශ්‍ය පරිශීලකයින්ට පමණක් සමුහයන් සඳහා ප්‍රවේශ වීමට අවසරය ලබාදීමට හැකිය.

මේ සමඟම, WhatsApp විසින් පහසු විශේෂාංගයක් හරහා පරිශීලකයින්ට ඔවුන් භාවිතා කරනු ලබන පොදු සමුහයන් කුමක්ද යන්න පිළිබඳව තොරතුරු ලබාගත හැකිවේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.