දුරකථනය නොමැතිව WhatsApp භාවිතා කිරීමේ නව ක්‍රමයක්...

Whatsapp
By Aruna Jul 16, 2021 04:24 AM GMT
Report

WhatsApp විසින් වැඩිදියුණු කළ බහුකාර්ය හැකියාව සඳහා සීමිත Beta සංස්කරණයක් නිකුත් කර තිබෙනවා.

මෙම යාවත්කාලීනය මඟින් පළමු වරට ලියාපදිංචි දුරකථනය ක්‍රියා විරහිත කර හෝ වෙනත් ආකාරයකින් අන්තර්ජාලයට සම්බන්ධ නොවී දුරකථන නොවන උපාංග හතරක් දක්වා සේවාව භාවිතා කිරීමට හැකි වන බවයි නිවේදනය කළේ.

ගෝලීය වශයෙන් බිලියන 2 කට වඩා භාවිතා කරන්නන් විසින් භාවිතා කරන WhatsApp, දැනටමත් බහු උපාංග භාවිතය සඳහා සහය ලබා දෙනවා.

දැනට දුරකථනය හෝ පරිගණකය හරහා WhatsApp භාවිත කරන්නේ නම් අනිවාර්යයෙන් ජංගම දුරකථන සබඳතාවයක් පැවතිය යුතු වනවා. එහෙත් දත්ත සබඳතා නොමැතිව හෝ බැටරිය බැස ඇති අවස්ථාවකදී වුවද WhatsApp භාවිත කිරීමට අවස්ථාව සලසාදීමේ ඇති හැකියාව මෙම Beta සංස්කරණය ඔස්සේ අත්හදා බලමින් පවතිනවා.

එහි පළමු පියවර ලෙස බීටා අධියරේදී සුලු පිරිසක් යොදාගනිමින් අත්හදා බැලීම් සිදු කෙරෙන අතර එය සාර්ථක වුවහොත් ඉදිරියේදී සෑම රටකම WhatsApp පරිශීලකයන්ට එම අවස්ථාව ලබාදීමට සැළසුම් කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වෙතත් මෙම පහසුකම හරහා එක WhatsApp ගිණුමක් Devices 4ක භාවිතා කිරීමේ පහසුකම හිමිවන අතර තවමත් ජංගම දුරකතන අතර මේ ආකාරයට භාවිතා කිරීමේ පහසුකම ලබා දී නැහැ.

එමෙන්ම යම් හෙයකින් ඔබගේ ජංගම දුරකතනය නොකඩවා දින 14ක කාලයක් අක්‍රීයව පැවතුනහොත් හෝ දුරකතනය හරහා WhatsApp වෙත පිවිසීම සිදු නොවුනහොත් ස්වයංක්‍රීයවම ඔබ WhatsApp Web/Desktop වෙතින් ස්වයංක්‍රියවම Log Out වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now