මඟීන් 300කට අධික සිටි ගුවන් යානයකට හදිසියේ සිදුවූ දේ මෙන්න..

India
By Aruna Dec 23, 2023 05:42 AM GMT
Aruna

Aruna

Report

නිකරගුවාව බලා පියාසර කරමින් තිබූ ඉන්දීය මගීන් රැගත් ගුවන් යානයක් ප්‍රංශයේදී රඳවා ගෙන තිබෙන බව වාර්තා වනවා.

මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව, මෙම යානය රඳවාගෙන තිබුණේ තාක්ෂණික සහය ලබාගැනීම සඳහා ප්‍රංශයේ ඊසාන දිග ප්‍රදේශයේ වට්රි ගුවන් තොටුපලට ගොඩබෑ අවස්ථාවේදී වීමද විශේෂත්වයක්.

ඒ 340 දරණ මෙම ගුවන් යානය ගමන් අරඹා තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් පිරිස ගුවන්තොටුපලේ රඳවාගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

විදෙස් වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මේ වනවිටත් ඉන්දීය බලධාරීන් වට්රි ගුවන් තොටුපල වෙත ගොස් ඇති අතර, මගීන්ගෙන් බොහෝ පිරිසක් නීතිවිරෝධී සංක්‍රමණිකයින් බවට සැක කෙරෙන බවයි.


ReeCha