වැල්ලේ සාරංගගේ ඝාතන ගෝලයෙකු අත්අඩංගුවට

Report

මෝදර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින්වෙන වැල්ලේ සාරංග කැමැත්තාගේ ඝාතන රැසකට සම්බන්ධ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය අද (02) ප්‍රකාශ කළේය

අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සමිර නම් තරුණයෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27කට ආසන්න ප්‍රමාණයක් හමුවූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු ඝාතන හතරකට සහ තුවාල සිදුකිරීමකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

  • 2022 – ග්‍රෑන්ඩ්පාස් මහවත්තේදී පුද්ගලයෙකු ඝාතනය කර කැලණි ගඟට දැමීම
  • 2023 – සමිපුරේදී කාන්තාවක් පිහියකින් ඇන ඝාතනය කිරීම
  • 2023 – අලිවත්තේදී තියුණු ආයුධවලින් කපා පුද්ගලයෙකු ඝාතනය කිරීම
  • 2023 – බේරුවලේදී තියුණු ආයුධවලින් කපා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම
  • 2025 – වත්තලේදී තියුණු ආයුධවලින් කපා පුද්ගලයෙකු ඝාතන

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.