අතක් සහ පාදයක් නැති මළ සිරුරක් හමුවෙයි

Report

වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ තිබී අතක් සහ පාදයක් නොමැති මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව මෙම සිරුර සොයාගෙන ඇති අතර එය අනන්‍යතාව හඳුනාගත නොහැකි ආකාරයෙන් විනාශ වී ඇති බවයි  වාර්තාකරුවන් සඳහන් කළේ.

මියගොස් ඇති පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 56ක අයෙක් බවට ද සැක කෙරෙනවා. මරණයට හේතුවක් නිශ්චිතව අනාවරණ වී නොමැති අතර වැල්ලවාය පොලිසිය පරීක්ෂණ සිදුකරනවා


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now