ගමක් කලබල කරමින් තරුණියක් අතුරුදන් වෙයි..!
Sri Lanka Police
Colombo
Sri Lanka Police Investigation
By Sewvandhi
අවුරුදු 24 ක් වයසැති තරුණියක් අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
ලද පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බවයි, වැලිපැන්න පොලීසිය සඳහන් කළේ.
අදාළ තරුණියකගේ පියා විසින් පොලීසියට පැමිණිලි කර තිබේ. ඔහු වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචිව සිටී.
ඊයේ (27) රාත්‍රියේ සිට හිජ්රා මාවත පදිංචිව සිටි මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති තරුණිය මෙසේ අතුරුදන් බවට පැමිණිල්ලේ සඳහන් වෙයි.
පොලීසිය පවසන්නේ, ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුවී ඇති බවයි.
අතුරුදන් තරුණියගේ බවට හඳුනාගෙන ඇති සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටි වැලිපැන්න ඇල ඉවුරේ තිබී සොයාගත් බවද පොලීසිය පවසයි.
