පාසලේදී ගංජා පානය කළ ගුරුවරු - මෙරට ජනප්‍රිය පාසලකින් ඇසෙන අමුතුම පුවත

Sri Lanka Police Badulla Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Nov 09, 2023 01:38 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනප්‍රිය පාසලක රාජකාරි කාලය තුළ ගංජා පානය කළ ගුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ වැලිමඩ ප්‍රදේශයේ පිහිටි පාසලක් තුළදීය.

අදාළ ගුරුවරුන් දෙදෙනා පොලිසිය විසින් සංගීත පන්ති කාමරය තුළ ගංජා සුරුට්ටු උරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නිර්නාමික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 1.9ක් සොයාගත් බවයි, පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අද (09) වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ReeCha