හොරෙන් මඟුල් කන්න ගිය පිරිසකට වෙච්ච දෙයක්..විශාල පිරිසක් හරවා යවයි.

Police Sri Lanka Gossips Wedding party Madurankuliya
By Aruna Oct 11, 2021 04:19 AM GMT
Aruna

Aruna

Report

අනවසරෙන් මඟුල් කන්න ගිය පිරිසක් නිරෝධායනයට අවසරයකින් තොරව විවාහ මංගල උත්සවය පැවැත්වූ පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

නිරෝධානයට ලක් කර ඇති පිරිස අතර මනාළ යුවළද වේ.

මදුරන්කුලිය – කොත්තන්තිව් ප්‍රදේශයේ නිවසක විවාහ මංගල උත්සවයක් පවත්වන බවට වන තොරතුරක් පසුගිය 08 වැනිදා දහවල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලැබී ඇත.

ඒ අනුව විමර්ශන කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම නිවස වෙත ගොස් ඇත.

විවාහ මංගල උත්සවයට සහභාගි වූ විශාල පිරිසක් ඒ වන විටත් පිටත්ව ගොස් තිබිණ.

නිවසේ රැඳී සිටි පිරිසට දැඩි ලෙස අවවාද කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන් එම නිවස තුළම නිරෝධායනය කිරීමට කටයුතු කර ඇත.

මීට පෙරද අනවසරයෙන් මංගල උත්සවයක් පැවැත්වූ මදුරන්කුලිය – කොත්තන්තිව් ප්‍රදේශයේ පිරිසක් ද එසේ නිරෝධායනය කර තිබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha