මංගල උත්සවයට ගිය 53කට වෙච්ච දේ...(VIDEO)
Police
Jaffna
Wedding
By Aruna
නිරෝධායනය රීති උල්ලංඝණය කරමින් යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත්වූ විවාහ මංගල උත්සවයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.
එහි සිටි පූජකවරුන් දෙදෙනා, මනාල යුවල ඇතුළු 53 දෙනෙකු අත්අඩංගුවට ගෙන නිරෝධායනය සදහා යොමු කළ බවයි නෙල්ලිඅඩි පොලීසිය පැවසුවේ.
නිරෝධායන කාලසීමාව අවසන්වීමෙන් පසු ඔවුන්ට එරෙහිව නඩු පවරන බවද පොලීසිය සදහන් කළා.
මංගල උත්සව පැවැත්වූ උත්සව ශාලාවට පොලීසිය පැමිණීමත් සමග එහි සිටි තවත් පිරිසක් පලාගොස් තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදු කිරීමට කැමරා ශිල්පීන් දෙදෙනා සතුව තිබූ කැමරා සිය භාරයට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |