මෙල්බර්න් - කොළඹ සෘජු ගුවන් ගමන් හෙට සිට ඇරඹෙයි- Jetstar මංගල ගමනට සූදානම්
By Kanchana
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways හෙට (25) පළමු වරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.
මෙය මෙල්බර්න් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ලෙස ආරම්භ වන අතර JQ5 මංගල ගුවන් යානය මෙල්බර්න් වෙතින් හෙට (25) දහවල් 12.00ට පිටත්ව පස්වරු 5.50ට කොළඹට ළඟා වීමට නියමිතය
බදුල්ලම කම්පා කළ අභිරහස් අතුරුදන්වීම- යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමෙන් වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි.
ඒ වගේම JQ6 ආපසු ගුවන්යානය පස්වරු 7.50ට කොළඹින් පිටත්ව පසුදින පෙරවරු 10.00ට මෙල්බර්න් වෙත ළඟා වීමට නියමිතව ඇත
මෙම නව ගුවන් ගමන් සතියකට තුන්වරක් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනයන් හි Boeing B787-8 Dreamliner ගුවන්යානා භාවිත කරමින් ක්‍රියාත්මක කරනු ලබයි
ශ්‍රී ලංකාවේ Jetstar හි General Sales Agent (GSA) ලෙස Hayleys Aviation කටයුතු කරනු ලබයි